Gossip

මෙරට ප්‍රධාන නගර 04 ක් සන්නාමකරණයට සැලසුම්

By Admin Jun 13, 2026

මෙරට ප්‍රධාන නගර 04 ක් සන්නාමකරණයට සැලසුම්

විදෙස් සංචාරක ආකර්ෂණය හිමිවන පරිදි මෙරට ප්‍රධාන නගර හතරක් සන්නාමකරණය ( City Branding) කිරීමට රජය සැලසුම් කොට තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයක් අනුව මහනුවර, කොළඹ, අනුරාධපුර සහ කතරගම යන නගර සන්නාමගතකරණය වන බවත් ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය මත මෙම නගර සන්නාමගතකරණය සිදුවන බව එම අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ අනුර මැදවල පැවසීය.

නගර සන්නාමකරණයට සමගාමීව මහනුවර නගරය සන්නාමකරණය කිරීමේ මූලික සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහචාර්ය එස්.බී.එස්.අභයකෝන්ගේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ (11) පැවැති අතර එහිදී පළාත් අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේය.

දැනට ලෝකයේ විවිධ රටවල ඇතැම් නගර මේ අයුරින් සන්නාමගත වී ඇතැයි පෙන්වූ ඒ මහතා එවැනි රටවල සංස්කෘතිය, ඉතිහාසය, ආර්ථිකය, ආහාර පාන, සොබා දහම, සංචාරක කර්මාන්තය ආදී ඒ ඒ අංශවල පවතින ජනප්‍රියතාව අනුව සන්නාමකරණය වී ඇති බවත් ශ්‍රී ලංකාවේ යෝජිත නගර ද එවැනි අංශවලින් කැපී පෙනෙන තත්ත්වයට පත්ව ඇතැයි මැදවල පෙන්වා දුන්නේය.

සංචාරකයන් මෙවැනි රටවල සංචාරය කිරීමට වැඩි නැඹුරුතාවයක් දක්වන බව පෙන්වා දුන් ඔහු මෙරට නගර සංවර්ධනය හා පහසුකම් සම්පාදනය කිරීම මගින් ශ්‍රී ලංකාව ද සංචාරක පාරාදීසයක් බවට පත් කර ගත හැකි යැයි පැවසීය .

මහනවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ, මහනුවර සන්නාමකරණ ව්‍යාපෘතියේ කළමණාකරණ අධ්‍යක්ෂ උත්පලා උයන්වත්ත ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.



Media Gallery

240px-Lagerstroemia_reginae_Blanco2.314-cropped
asa
Banaba_Flower_(Lagerstroemia_speciosa)

Share this story


Leave a Comment

Discussion

  • jnuwdwiivihlrihxgsndtnmzqnfnnu

    yvxtjkipty 2 weeks ago